මේ වසරේ ජූලි මාසය සඳහා වාර්තා වුණු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය සියයට 7.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජුනි මාසයේදී මෙම අගය සියයට 6.8ක් ලෙසයි වාර්තා වුණේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය මාසයට සාපේක්ෂව මෙවර උද්ධමනය යම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සිදුවූ වෙනස්කම් මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ජුනි මාසයේදී සියයට 3.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය, ජූලි මාසයේදී සියයට 6.3ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවන වියදමට සෘජුවම බලපාන කරුණක් බව පෙනී යනවා.
කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සම්බන්ධයෙන් යම් සහනයක් දැකගන්න පුළුවන්. ජුනි මාසයේදී සියයට 8.4ක් ලෙස පැවති ආහාර නොවන උද්ධමනය, ජූලි මාසයේදී සියයට 7.8ක් දක්වා පහළ ගොස් තිබෙනවා. මේ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගියත්, සෙසු භාණ්ඩ හා සේවා අංශයේ මිල ගණන්වල යම් අඩුවීමක් සිදුව ඇති බව සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වෙනවා.

Discussion & Feedback