මේ දවස්වල අපේ රටේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් නිෂ්පාදනය වෙන්නේ 43%ක් වගේ ප්‍රමාණයක් විතරයි කියලා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ තත්ත්වය වෙනස් කරලා රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න රජය මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ හරහා දැනට තියෙන වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා වැඩි කරගන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම නිකවැරටිය අභිජනන ගොවිපළ උසස් තත්ත්වයේ කිරි ගවයන් සහ මී ගවයන් බෝ කරන මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන්න තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙළ යටතේ පශු සම්පත් ගොවිපළවල් නවීකරණය කිරීම, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන පුළුල් කිරීම සහ දේශීය කිරි ගොවීන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම වගේ පියවර රැසක් රජය විසින් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘති හරහා රටේ කිරි අවශ්‍යතාවය දේශීයව සපුරා ගැනීමට හැකි වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback