දැනටමත් අපේ රටේ කෘෂිකර්මාන්තය වගේ ක්ෂේත්‍ර ගණනාවක ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරනවා. ඒ නිසා මේ තාක්ෂණය වඩාත් ක්‍රමවත්ව සහ ආරක්ෂිතව දියුණු කරන්න විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අලුත් සැලැස්මක් හදන්න පටන් අරන් තියෙනවා. පසුගිය සැප්තැම්බර් දෙවැනිදා අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වුණා. මේ වැඩපිළිවෙළ හරහා ඩ්‍රෝන නිෂ්පාදනය, එකලස් කිරීම සහ ඒවා පරීක්ෂා කිරීම සඳහා ජාතික මට්ටමේ ප්රමිතීන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ නව සැලැස්ම මගින් කෘෂිකාර්මික, කාර්මික සහ පාරිසරික ක්ෂේත්රවල ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන ආකාරය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම ඩ්‍රෝන පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හඳුනා ගැනීම, පර්යේෂණ දියුණු කිරීම සහ මේ තාක්ෂණය වාණිජ මට්ටමින් සාර්ථකව කරගෙන යන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද කියලා මේ හරහා තීරණය කරනවා. විශේෂයෙන්ම ඩ්‍රෝන භාවිතයේදී දැනට පවතින නීතිමය සහ ප්‍රතිපත්තිමය ගැටලු විසඳා ගැනීමටත් අදාළ ආයතන එක්ව කටයුතු කරනවා.
මේ සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජිතයන් සහභාගි වුණා. ඉදිරියේදී මේ තාක්ෂණය හරහා රටේ ආර්ථිකයට සහ සංවර්ධන කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback