ශ්‍රී ලංකාව මේ වන විට විනිවිදභාවයෙන් යුත් සහ දිගුකාලීන ආයෝජන සඳහා විවෘතව පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. කොළඹ පැවති ආසියා-පැසිෆික් තිරසාර සංවර්ධන ඉලක්ක ආයෝජන සමුළුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේ. රටේ ආර්ථිකය ස්ථාවර කරමින් 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වුණා. නමුත් රජයේ එකම අරමුණ ආර්ථික දර්ශක ඉහළ දැමීම පමණක් නොවෙයි; රැකියා උත්පාදනය සහ ආර්ථික ප්රතිලාභ සාධාරණ ලෙස ජනතාව අතර බෙදී යන පරිවර්තනයක් ඇති කිරීමයි අපේ බලාපොරොත්තුව.
ආයෝජන සිදු කිරීමේදී ලාභ ලැබීමට පමණක් සීමා නොවී, පරිසරය සුරැකීම, සේවකයන්ට නිසි වැටුප් ලබාදීම, බදු නිසි ලෙස ගෙවීම සහ කාන්තාවන් ඇතුළු කොන් වූ කණ්ඩායම්වලට වැඩි අවස්ථා ලබාදීම වැනි වගකීම් ඉටු කරන ආයෝජකයන්ට රජය උපරිම සහාය ලබා දෙනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලින් කෘෂිකර්මාන්තයට සහ බලශක්ති ක්ෂේත්රයට සිදුවන බලපෑම් අවම කර ගැනීමට හරිත මූල්‍ය ක්‍රමවේද හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීමට රජය කටයුතු කරනවා.
එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ ප්‍රධානී සැන්ඩා ඕජියම්බෝ මහත්මිය පෙන්වා දුන්නේ ලෝකයේ ප්‍රාග්ධන හිඟයක් නොමැති බවත්, පෞද්ගලික අංශය සතු ඩොලර් ට්‍රිලියන 22ක පමණ මුදලක් තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් යොමු කිරීමේ හැකියාව පවතින බවත්ය. ඒ සඳහා රජයන් සහ පෞද්ගලික අංශය අතර විනිවිදභාවයෙන් යුත් සහයෝගීතාවයක් අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback