දිනෙන් දින වෙනස් වන කාලගුණික රටා නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඇතිවිය හැකි නියඟ, ගංවතුර සහ අනෙකුත් ස්වාභාවික ආපදා තත්ත්වයන් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු දේශගුණික කමිටුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, කාලගුණ අනාවැකිවල අවිනිශ්චිතතාවක් තිබුණත්, ඕනෑම නරකම තත්ත්වයකට මුහුණ දීමට රටක් විදිහට අපි සූදානම් විය යුතු බවයි. විශේෂයෙන්ම එල් නිනෝ සහ ලා නිනා වැනි දේශගුණික සංසිද්ධීන් නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, විදුලි උත්පාදනය සහ ජල සම්පත්වලට සිදුවිය හැකි බලපෑම් ගැන ඉතාම අවධානයෙන් සිටිය යුතු බව ඔහු අවධාරණය කළා.
පවතින ආපදා කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තය අනුගමනය කරන සාර්ථක ආපදා කළමනාකරණ ක්‍රමවේදයන් අපටත් ආදර්ශයට ගත හැකි බවත් ඔහු යෝජනා කරනවා. රජය, සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්ව එකතු වෙලා මේ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ධීවර ප්‍රජාව, වනජීවී සම්පත් සහ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කරගැනීම සඳහා කඩිනම් පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ඉදිරි වසර කිහිපය තුළත් එල් නිනෝ තත්ත්වයන් පවතිනු ඇතැයි අනාවැකි පළ වී ඇති නිසා, මේ ගැන නොසලකා හැරිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සිහිපත් කරනවා.

Discussion & Feedback