විදෙස් රටවල චිත්‍රපට, වාර්තා වැඩසටහන් සහ වෙළඳ දැන්වීම් රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට එන නිෂ්පාදකවරුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි විවිධ ආයතනවලින් අවසර ලබාගැනීමට සිදුවීම. මේ නිසා වැඩ කටයුතු ප්‍රමාද වෙන අවස්ථා වැඩියි. ඉතින් මේ ගැටලුවට විසඳුමක් විදිහට, සියලුම අවසරයන් එකම තැනකින් ලබාගන්න පුළුවන් ‘Single Window’ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මේ නව ක්‍රමවේදය හරහා විදෙස් නිෂ්පාදකවරුන්ට ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් රූගත කිරීම් සඳහා අවශ්‍ය අවසර ලබාගන්න පුළුවන් වෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී මතු වෙන්න පුළුවන් ගැටලු සහ ඒවා විසඳා ගන්නා ආකාරය ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා කළා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව වගේම ආරක්ෂක අංශවල නියෝජිතයනුත් මේ සාකච්ඡාවට එකතු වෙලා හිටියා.
මේ වගේ පියවරක් ගැනීමෙන් අපේ රටේ චිත්‍රපට සංචාරක කර්මාන්තය ගොඩක් දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදකවරුන් ලංකාවට ආකර්ෂණය කරගන්නත්, අපේ දේශීය චිත්‍රපට ක්ෂේත්රයේ තරගකාරීත්වය වැඩි කරගන්නත් මේක ලොකු පිටුවහලක් වේවි. ඉදිරියේදී මේ ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන පෙළේ රූගත කිරීම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback