ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. කොළඹදී පැවැති මෙම සාකච්ඡා වටයේදී දෙරටේම විදේශ කටයුතු අමාත්‍යාංශ නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වුණා. විශේෂයෙන්ම ඖෂධ, ඛනිජ සම්පත් සහ රෙදිපිළි යන අංශවල ආයෝජන සහ වෙළෙඳාම වැඩි දියුණු කරගැනීමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණියා. ඊට අමතරව ආරක්ෂක සහ නාවික කටයුතු, බුද්ධි තොරතුරු හුවමාරුව මෙන්ම කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්රවල සහයෝගීතාවය ගැනත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
සංචාරක ක්ෂේත්රය නංවාලීම සඳහා වීසා ක්‍රියාවලිය පහසු කිරීමටත්, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමටත් දෙරටේම අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ASEAN සංවිධානයේ අංශීය සංවාද හවුල්කාරීත්වය ලබා ගැනීමට සහ RCEP ගිවිසුමට සම්බන්ධ වීමට ඉන්දුනීසියාවේ සහාය ලබා දෙන බවත් මෙහිදී සඳහන් වුණා. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී දෙරටම ඉටු කළ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කළ නායකයින්, 2027 වසරේදී උදාවන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීමටත් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙවන සාකච්ඡා වටය 2028 වසරේදී ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතයි.

Discussion & Feedback