ලෝකයේ රටවල් 36ක් ආවරණය කරමින් පියු පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ ඉන්දියාව ගැන ලෝකයේ වැඩිම කැමැත්තක් දක්වන රට ශ්‍රී ලංකාව බවයි. මේ සමීක්ෂණයට අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 79%ක්ම ඉන්දියාව ගැන ඉතාමත් ධනාත්මක මතයක ඉන්නවා. පසුගිය වසරේ මේ අගය 65%ක්ව පැවතුණත්, මේ වන විට එය සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5කට අධික මූල්‍ය සහයෝගය දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් 63%ක්ම ඉන්දියාව තම රටේ ප්‍රධානතම මිත්‍ර පාක්ෂිකයා ලෙස හඳුනාගෙන තිබීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ඉන්දියාව සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවල මතය විවිධාකාරයි. පාකිස්තානය ඉන්දියාව ගැන දැඩි අකමැත්තක් දක්වන අතර, එහි 91%ක්ම ඉන්දියාවට විරුද්ධ මතයක ඉන්නවා. ඒ වගේම ඇමරිකාව වැනි රටවල ඉන්දියාව පිළිබඳ මතය දෙකට බෙදී ගොස් තිබෙනු දැකගන්න පුළුවන්. ජපානය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් කිහිපයකම ඉන්දියාව ගැන තවමත් පවතින්නේ යහපත් ප්‍රතිරූපයක්. සමස්තයක් ලෙස ගත්තොත්, ලෝකයේ රටවල් ගණනාවක ඉන්දියාව ගැන ධනාත්මක මතයක් තිබුණත්, දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මත සමහර රටවල ඉන්දියාව පිළිබඳ මතය එතරම් යහපත් නැති බව මේ සමීක්ෂණයෙන් තහවුරු වෙනවා.

Discussion & Feedback