කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වුණු ලෝක පාසල් විවාද ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් ඉතිහාසගත ජයක් ලබාගන්න සමත් වුණා. රටවල් 80කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් අතරින්, මූලික වටයේ තරග 8න් 7ක්ම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වුණා. ශ්‍රී ලංකා විවාද ඉතිහාසයේ මෙවැනි ජයග්‍රහණයක් වාර්තා වුණු පළමු අවස්ථාව මෙයයි. දකුණු කොරියාව, හොංකොං සහ කැනඩාව වැනි ප්‍රබල රටවල් පරාජය කරමින් අපේ දරුවන් ලබාගත් මේ ජයග්‍රහණය ඇත්තටම ආඩම්බර විය යුතු කරුණක්.
මේ දක්ෂතා අතරේ සවිත් විජේසුන්දර ලෝකයේ 4 වැනි හොඳම කථිකයා ලෙසත්, ESL කාණ්ඩයේ ලෝකයේ පළමු ස්ථානයත් දිනාගැනීම විශේෂත්වයක්. රුදේෂ් රාම් ලෝකයේ 7 වැනි හොඳම කථිකයා ලෙසත්, ආදම් දිල්ෂාන් ESL කාණ්ඩයේ 6 වැනි ස්ථානයත් දිනාගත්තා. මේ කණ්ඩායම සවිත්, රුදේෂ්, ආදම්, ටී. තරණිහරන් සහ අපූර්වා ජිනදාස යන සිසුන්ගෙන් සමන්විත වුණා. විශේෂයෙන්ම රජයේ විශාල අනුග්‍රහයක් නොමැතිව, දෙමාපියන්ගේ සහ විවාද කවුන්සිලයේ කැපවීම මත මේ ජයග්‍රහණය ලබාගැනීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකා විවාද කවුන්සිලයේ සභාපති ඩැනියෙල් වික්ටර් මහතා පවසන පරිදි, මේ ජයග්‍රහණය අපේ රටේ විවාද කලාවේ දියුණුව ලෝකයටම පෙන්වා දෙන කදිම සාක්ෂියක්. ඉදිරියේදී මේ දරුවන්ට තවත් වැඩි සහයෝගයක් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback