ලෝකයේම නර්තන ශිල්පීන්ගේ සිහිනයක් වුණු බ්ලැක්පූල් නර්තන උළෙලේදී අපේ රටේ තරු දෙකක් වන තර්ජා ද සිල්වා සහ ගිහාන් උමේෂ් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තියෙනවා. එක්සත් රාජධානියේ පැවැත්වුණු මේ 100 වැනි බ්ලැක්පූල් නර්තන උළෙල හඳුන්වන්නේ නර්තන ලෝකයේ ඔලිම්පික් තරගාවලිය විදිහටයි. ලෝකයේ දක්ෂතම නර්තන ශිල්පීන් සිය ගණනක් තරග වදින මේ දැවැන්ත වේදිකාවේදී, ප්‍රෝ-ඇම් (Pro-Am) කාණ්ඩයෙන් ශූරතාව දිනාගන්න අපේ ශ්‍රී ලාංකික යුවළ සමත් වුණා. මේ වගේ ජයග්‍රහණයක් ලාංකික නර්තන ශිල්පියෙක් ලබාගත්ත පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
තර්ජා ද සිල්වා කියන්නේ ලන්ඩන් නුවර පදනම් කරගෙන ජාත්‍යන්තර මට්ටමින් නර්තනය උගන්වන දක්ෂ ශිල්පිනියක්. ඒ වගේම ගිහාන් උමේෂ් කියන්නේ ලංකාවේ නර්තන ක්ෂේත්රයේ ඉන්න ප්රමුඛ පෙළේ නර්තන ශිල්පියෙක් සහ නර්තන නිර්මාණකරුවෙක්. මුද්‍රිකා නර්තන ඇකඩමිය සහ කොළඹ නර්තන ශිල්පීන්ගේ මේ එකමුතුව නිසා තමයි මේ ජයග්‍රහණය ලංකාවට හිමි වුණේ. ලෝකයේ දක්ෂතම නර්තන ශිල්පීන් එක්ක කරට කර තරග කරමින් අපේ රටේ නම ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට ඔවුන් දෙදෙනාට හැකි වීම ඇත්තටම ආඩම්බර විය යුතු කාරණයක්. මේ ජයග්‍රහණය ඉදිරියේදී ලංකාවේ නර්තන කලාවට අලුත් දොරටු ගොඩක් විවෘත කරාවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

Discussion & Feedback