ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මෙතෙක් පැවති රහස්‍යභාවය අවසන් කරමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම අයෙකුට තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ, මීට පෙර පැවති පාලනාධිකාරිය ක්‍රිකට් ආයතනය මෙම පනතට යටත් නොවන බව පවසමින් තොරතුරු සැඟවූ බවයි. නමුත් දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර, ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු සහ පරිපාලනය පිළිබඳව ඕනෑම කෙනෙකුට විනිවිදභාවයකින් යුතුව කරුණු දැනගැනීමට හැකියාව ලැබෙනවා. තොරතුරු සැඟවීම නිසාම පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවිධ සැකසංකා සහ චෝදනා මතු වූ බවත්, මෙම නව පියවර හරහා එම ගැටලු බොහෝමයක් නිරාකරණය කරගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කර රජයට භාර දී ඇති අතර, එය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම් තේරීම සිදු කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක්. කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම වැනි ප්රවීණයන්ගේ දායකත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිටම ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. කණ්ඩායම් තේරීම සම්පූර්ණයෙන්ම තේරීම් කමිටුවට පමණක් සීමා කරන බවත්, ඉදිරියේදී වැඩිපුර ටෙස්ට් තරග ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

Discussion & Feedback