ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තමන්ගේ දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක්ම සූර්ය බලශක්තියෙන් සපුරා ගැනීමට හැකි වන පරිදි නව සූර්ය පැනල පද්ධතියක් පසුගියදා නිල වශයෙන් ආරම්භ කළා. වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ආරාධනයෙන් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. මෙම පද්ධතිය මගින් නිපදවන අතිරික්ත විදුලිය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමටත් මෙහිදී කටයුතු යොදා තිබෙනවා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ හරිත ගුවන් සේවා ප්‍රතිපත්තිවලට අනුගත වෙමින්, පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂම ගුවන් සේවා ක්ෂේත්රයක් ගොඩනැගීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. කාබන් විමෝචනය අවම කරමින් පරිසරය සුරැකීමට සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙමගින් මනාව පැහැදිලි වෙනවා. කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසන පරිදි, ඉදිරියටත් මෙවැනි තිරසාර සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය වඩාත් පරිසර හිතකාමී ලෙස දියුණු කිරීමට අධිකාරිය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback