2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ, හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට අංශය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය තෝරාගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව මේ වන විට කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගැන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා සඳහන් කළේ, ඔස්කාර් සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු විශේෂ අවසරයක් මත මෙවර අපේ රටට මේ අවස්ථාව හිමිවී තිබීම සුවිශේෂී කඩඉමක් බවයි.
මේ සඳහා සුදුසුම චිත්‍රපටය තෝරාගැනීම වෙනුවෙන් සිනමා ක්ෂේත්රයේ ප්‍රවීණයන් නව දෙනෙකුගෙන් සමන්විත විශේෂ තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිතයි. ඒ අනුව, උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ට තමන්ගේ අයදුම්පත් ලබන අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 21 වැනිදා දක්වා ඉදිරිපත් කරන්න පුළුවන්. ලැබෙන සියලුම අයදුම්පත් ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව විසින් ඉතාමත් විනිවිදභාවයකින් යුතුව සමාලෝචනය කර, අවසාන තීරණය සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවිය හරහා දැනගන්න පුළුවන් වගේම, අයදුම්පත් [email protected] කියන ඊමේල් ලිපිනයට යොමු කරන්නත් පුළුවන්. අපේ රටේ සිනමා නිර්මාණයක් ලෝක මට්ටමේ වේදිකාවකට රැගෙන යාමට ලැබුණු මේ අනගි අවස්ථාව ගැන සිනමා ලෝලීන් අතර ලොකු උනන්දුවක් තියෙනවා.

Discussion & Feedback