ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට පළමු මෙගාවොට් 10ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) පසුගිය සිකුරාදා මධ්‍යම රාත්රියේදී ගාල්ල විදුලි උපපොළ හරහා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා. හිටපු බලශක්ති අමාත්‍ය සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, මෙය රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහ විදුලි පිරිවැය අඩු කර ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් පියවරක් බවයි. මෙම නව තාක්ෂණය හරහා ජාතික විදුලිබල පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමටත්, අනාගතයේදී විදුලි බිල අඩු කිරීමටත් රජය බලාපොරොත්තු වෙනවා.
මෙම ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස ඉදිරි මාස දෙක ඇතුළත තවත් මෙගාවොට් 150ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. එපමණක් නොව, ලබන වසරේ මුල් භාගය වන විට තවත් මෙගාවොට් 250ක් සහ ඉන් අනතුරුව තවත් මෙගාවොට් 150ක් ලෙස මුළු ධාරිතාව මෙගාවොට් 560ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘති සියල්ලම විනිවිදභාවයෙන් යුත් තරගකාරී ක්‍රියාවලියක් හරහා සාධාරණ මිලකට සිදු කිරීමට කටයුතු කරන බවත්, එහි වාසිය කෙලින්ම විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට රජය කැපවී සිටින බවත් ජයකොඩි මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback