මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන මුදලට අලෙවි කරන අන්තර්ජාල ජාලයක් ගැන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට තොරතුරු ලැබිලා තියෙනවා. මේ ජාවාරම්කරුවන් විවිධ ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් තමන්ට සමීප අයගේ පවා පෞද්ගලික දේවල් අලෙවි කිරීමට උත්සාහ කරන බව මූලික විමර්ශනවලදී හෙළි වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී තමන්ගේම පවුලේ සාමාජිකයන්ගේ රූප රාමු පවා මේ විදිහට බෙදාහැරීමට උත්සාහ කරන බව දැකගන්න ලැබීම ඇත්තටම කම්පනයට කරුණක්. මේ බොහෝ ජාවාරම් පිටරටක සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ පරිගණක අපරාධ විමර්ශන අංශයට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන් තමන්ගේ දරුවන් සමාජ මාධ්‍ය භාවිතා කරන විදිහ ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. දරුවන් අන්තර්ජාලයේදී කතාබහ කරන්නේ කවුරුන් එක්කද කියන එක ගැන නිතරම විමසිලිමත් වෙන්න කියලා අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ පවුලේ කෙනෙක් මේ වගේ අපරාධයකට ගොදුරු වෙලා කියලා හිතෙනවා නම් හෝ ඒ ගැන තොරතුරු දන්නවා නම් වහාම 1938 හෝ 1929 කියන ක්ෂණික ඇමතුම් අංකවලට කතා කරලා සහාය ලබාගන්න පුළුවන්. කාන්තාවන් සහ දරුවන් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් බේරගන්න අමාත්‍යාංශය මේ වෙද්දීත් විශේෂ පියවර රැසක් අරගෙන තියෙනවා.

Discussion & Feedback