ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන ‘Sri Lanka AI Week 2026’ මෙවරත් ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. ‘AI Amplified’ තේමාව යටතේ සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන ඉසව් හතරක් දකින්න ලැබෙනවා. AI Leaders Night, AI සමුළුව, AI ප්‍රදර්ශනය සහ ජාතික AI සම්මාන උළෙල මගින් මෙරට ව්‍යාපාරිකයන්ට, සිසුන්ට සහ පර්යේෂකයන්ට නව තාක්ෂණය සමග අත්වැල් බැඳගන්න විශාල අවස්ථාවක් ලැබෙනවා.
මේ වැඩසටහනට සමගාමීව SLT-MOBITEL ආයතනය විසින් නවතම තාක්ෂණික දියත් කිරීම් දෙකක් සිදුකිරීම විශේෂත්වයක්. දකුණු ආසියාවේ පළමු AI ටෝකනකරණ වේදිකාව වන ‘SMART AI’ හරහා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් AI මෙවලම් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ ජාතික AI සම්බන්ධතා වේදිකාව වන ‘AI Hub’ හරහා සිසුන්ට සහ වෘත්තිකයන්ට එකම තැනක සිට ඉගෙන ගැනීමටත්, පර්යේෂණවල නිරත වීමටත් අවස්ථාව උදාවෙනවා. මේ සියල්ල හරහා ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.

Discussion & Feedback