ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එකතු වෙලා ශ්‍රී ලංකා AI සතිය 2026 හරිම උත්කර්ෂවත් විදියට ආරම්භ කළා. මේ වසරේ ‘AI Amplified’ තේමාව යටතේ සැප්තැම්බර් 28 ඉඳන් ඔක්තෝබර් 4 වෙනකම් පැවැත්වෙන මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලංකාව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් දියුණු රටක් විදියට ලෝකයට පෙන්නන එකයි. පසුගිය වසරේ පැවැත්වුණු ජාතික AI ප්‍රදර්ශනයේ සාර්ථකත්වයත් එක්ක, මේ පාර AI නායකයින්ගේ රාත්‍රිය, සමුළුව, ප්‍රදර්ශනය සහ ජාතික සම්මාන උළෙල වගේ විශේෂාංග රැසක් බලාගන්න පුළුවන්.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා කිව්වේ අපි තාක්ෂණය පාවිච්චි කරනවා විතරක් නෙවෙයි, ඒක නිෂ්පාදනය කරන රටක් වෙන්න ඕනේ කියලයි. ඒ වගේම SLT-MOBITEL ආයතනය මේ වෙනුවෙන්ම දකුණු ආසියාවේ පළමු AI ටෝකනයිසේෂන් වේදිකාව වන ‘SMART AI’ සහ ‘AI Hub’ කියන නවතම වේදිකා දෙකත් හඳුන්වා දුන්නා. මේ හරහා සිසුන්ට, පර්යේෂකයන්ට සහ ව්‍යාපාරිකයන්ට එකම තැනකදී AI තාක්ෂණය ගැන ඉගෙන ගන්න සහ සම්බන්ධ වෙන්න පුළුවන්.
මේ සතියේදී ක්ෂේත්‍ර 16කට වැඩි ප්‍රමාණයක දක්ෂතා අගයමින් ජාතික AI සම්මාන පවා පිරිනමන්න නියමිතයි. SLT සමූහයේ සභාපති මොතිලාල් ද සිල්වා මහතා සඳහන් කළේ 5G ජාල පුළුල් කිරීම සහ දත්ත මධ්‍යස්ථාන නවීකරණය කිරීම වගේ විශාල AI පරිවර්තනයක් මේ වසරේදී ඔවුන් ක්‍රියාත්මක කරන බවයි. මේ උත්සවයට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වුණා.

Discussion & Feedback