ඔයාලා Squid Game හෝ Alice in Borderland වගේ සර්වයිවල් ත්රිලර් කතා වලට ගොඩක් කැමති නම්, ඔන්න ඔයාලට බලන්න තවත් සුපිරිම චිත්රපටයක් එන්න ලෑස්තියි. මේක තමයි ජපානයේ ජනප්රියම මංගා කතා මාලාවක් වන ‘Kaiji’ හි හතරවැනි සිනමා නිර්මාණය වන ‘Kaiji: Jinsei Revenge Game’. 2027 ජනවාරි 29 වෙනිදා තිරගත වෙන්න නියමිත මේ චිත්රපටය, වසර හතක විරාමයකට පස්සේ තමයි නැවතත් ප්රේක්ෂකයන් අතරට එන්නේ. මේකේ ප්රධාන චරිතය විදිහට ආයෙත් වතාවක් Tatsuya Fujiwara රංගනයෙන් දායක වෙනවා. ඔහු මීට කලින් Death Note සහ Battle Royale වගේ චිත්රපට වලින් ලෝකයක් දිනපු නළුවෙක්.
මේ චිත්රපටයේ කතාව ගෙතෙන්නේ Kaiji නැමැති ප්රධාන චරිතය සහ Teiai Corporation එක අතර සිදුවන මාරාන්තික සූදු ක්රීඩා වටායි. මේ පාර චිත්රපටයේ අලුත්ම ක්රීඩා පහක් හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම ‘Steel Beam Crossing’ කියන ජනප්රිය ක්රීඩාව VR තාක්ෂණයත් එක්ක අලුත් විදිහකට දකින්න ලැබෙනවා. ඒ වගේම ‘Desperate Golf’ සහ ‘Life-Threatening Poker’ වගේ ක්රීඩා හරහා චරිත වල බුද්ධිය සහ ස්නායු පරීක්ෂා කරන අන්දම ඉතාම උද්වේගකරයි. සරලවම කිව්වොත්, මේක හුදෙක් ඇක්ෂන් චිත්රපටයක් විතරක් නෙවෙයි, මනෝවිද්යාත්මකව ප්රේක්ෂකයන්ව කුල්මත් කරන සටනක්. ඔයාලා සර්වයිවල් ත්රිලර් වලට ආස නම්, මේ චිත්රපටය අනිවාර්යයෙන්ම ඔයාලගේ ලිස්ට් එකට එකතු කරගන්න.

Discussion & Feedback