ජනප්රිය ඇනිමෙ මාලාවක් වන ‘ස්පයි එක්ස් ෆැමිලි’ (Spy x Family) රසිකයන්ව මවිතයට පත් කරමින්, ඇන්යා ෆෝජර්ගේ අද්භූත බලයන් පිළිබඳ තවත් විශාල හෙළිදරව්වක් මෑතකදී සිදුවුණා. 139 වැනි පරිච්ඡේදයේදී ඇන්යා තමන්ගේ ටෙලිපති බලය උපරිමයෙන්ම පාවිච්චි කරමින්, ඩොනොවන් ඩෙස්මන්ඩ්ගේ සිතුවිලි දුර සිටම හඳුනාගන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී ඇයගේ හිසකෙස්වල ඇති අං වැනි කොටස්වලින් ශක්තියක් පිටවෙන අතර ඇයට නාසයෙන් ලේ ගලන තරමටම මේ දේ වෙහෙසකර එකක් වෙනවා. ඇය මේ බලය භාවිත කරන්නේ හුදෙක් සිතුවිලි කියවීමට පමණක් නොවෙයි, යම් පුද්ගලයෙකුගේ චිත්තවේගීය ශක්තිය ඔස්සේ ඔවුන්ව දර්ශනය කරගන්නා ‘ක්ලෙයාර්සෙන්ස්’ (Clairsentience) වැනි අලුත්ම හැකියාවක් ඇය තුළින් මතු වෙනවා.
මේ සිදුවීම ඇන්යාගේ අතීතය ගැනත් ලොකු ඉඟියක් ලබා දෙනවා. ඇය ‘ප්රොජෙක්ට් ඇපල්’ පරීක්ෂණවල කොටස්කාරියක් බව අපිට මතකයිනේ. මේ අලුත් බලයන් හරහා ඇයට තමන්ගේ අතීතයේ සැඟවුණු මතකයන් නැවත සිහිපත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඇය අහන ‘මියයනවා’, ‘බයයි’ වැනි වචන කිහිපයක් ඇයව දැඩි මානසික පීඩනයකට ලක් කරනවා. මේ සියල්ල අවසානයේ ඇය යෝර්ගේ තුරුලට වී සැනසීම සොයන අයුරු දකින්න ලැබෙන්නේ හරිම සංවේදී විදියට. ඇන්යාගේ අතීතය සහ ඩෙස්මන්ඩ් පවුල අතර තියෙන මේ අඳුරු සම්බන්ධය ඉදිරියේදී කොහොම විසඳෙයිද කියලා දැනගන්න හැමෝම දැන් ලොකු කුතුහලයකින් ඉන්නේ.

Discussion & Feedback