තමන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හෝ පහසුකම් නොලැබෙන බවට ඇතැම් ක්‍රීඩකයන් මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. විශේෂයෙන්ම ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම උපකරණ සහ පහසුකම් රජය මගින් ලබා දෙන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් දක්ෂ ක්‍රීඩකයන් අසරණ වී ඇති බවට වැරදි මතයක් සමාජගත වන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීමට උත්සාහ නොකර, සැබෑ දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට රජය සෑම විටම සහයෝගය ලබා දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2028 ඔලිම්පික් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන යටතේ ක්‍රීඩකයන්ට විශාල මූල්‍ය සහායක් ලබා දෙන බවත් ඇමතිවරයා සිහිපත් කළා. ඒ අනුව ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ දෙකකට අධික මාසික දීමනාවක් සහ පුහුණුකරුවන්ට දීමනා ලබා දෙනවා. මීට අමතරව පාසල් සිසුන් ඇතුළු ක්‍රීඩකයන් විශාල පිරිසකට පෝෂණ දීමනා ලබා දීමටත් රජය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, රජයෙන් සියලු පහසුකම් ලබමින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම කනගාටුදායක බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

Discussion & Feedback