මේ දිනවල ලෝක සිනමා තිරය මත ‘ස්පයිඩර් මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටය තවමත් අංක එකේ රැඳී සිටිමින් ප්රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා. මේ වන විටත් ඩොලර් මිලියන 900ක ආදායම් කඩඉම අභියසටම පැමිණීමට මෙම චිත්රපටයට හැකි වී තිබීම විශේෂත්වයක්. ඒ වගේම, වෝනර් බ්රදර්ස් ආයතනය විසින් අත්හැර දමා තිබූ ‘කොයෝට් වර්සස් ඇක්මි’ (Coyote Vs. Acme) චිත්රපටය කෙචප් එන්ටර්ටේන්මන්ට් හරහා තිරගත වීම ආරම්භ කරමින් ඩොලර් මිලියන 12ත් 14ත් අතර ආදායමක් උපයාගෙන තුන්වන ස්ථානයට පත්වීමට සූදානමින් ඉන්නවා. විචාරකයින්ගේ සහ ප්රේක්ෂකයින්ගේ ඉහළම ප්රතිචාර ලැබී තිබීම නිසා මෙම චිත්රපටය ඉදිරියේදී තවත් සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අනෙක් පසින්, රිඩ්ලි ස්කොට්ගේ අධ්යක්ෂණයෙන් එළිදැක්වුණු ‘ද ඩෝග් ස්ටාර්ස්’ (The Dog Stars) චිත්රපටය බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට අපොහොසත් වී තිබෙනවා. ජේකබ් එලෝර්ඩි සහ ජොෂ් බ්රෝලින් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය ආරම්භක සතියේදී ඩොලර් මිලියන 8ක පමණ ආදායමක් වාර්තා කරමින් තරමක් පසුබෑමකට ලක්වී තිබෙනවා. මේ අතර යුනිවර්සල් ආයතනයේ ‘ද ඔඩිසි’ චිත්රපටය තවමත් දෙවන ස්ථානය තදින්ම අල්ලාගෙන සිටින අතර, ‘ඉන්සිඩියස්: අවුට් ඔෆ් ද ෆර්දර්’ චිත්රපටය සිව්වන ස්ථානයට පත්වෙලා තියෙනවා. සමස්තයක් ලෙස ගත් කල, මෙම සතියේ සිනමා ශාලා තුළ විවිධ ආරේ චිත්රපට රැසක් ප්රේක්ෂකයින් වෙනුවෙන් තිරගත වෙමින් පවතින බව පෙනෙන්නට තියෙනවා.

Discussion & Feedback