මේ දිනවල සිනමා ලෝකයම උණුසුම් කරමින් සෝනි සහ මාර්වල් ස්ටූඩියෝස් නිර්මාණය කළ ‘ස්පයිඩර්-මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටය අතිවිශිෂ්ට ජයග්රහණයක් වාර්තා කර තිබෙනවා. නිකුත් වී දින 12ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්යන්තර බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යාමට මෙම චිත්රපටයට හැකි වුණා. ‘ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්’ චිත්රපටයෙන් පසු මෙතරම් වේගයෙන් බිලියනයේ සීමාව පසු කළ දෙවන චිත්රපටය වන්නේ මෙයයි. දැනටමත් ලොව පුරා ඩොලර් බිලියන 1.67ක ආදායමක් උපයා ඇති මෙම චිත්රපටය, ඉතා ඉක්මනින් ඩොලර් බිලියන 2ක සීමාව පසු කරනු ඇතැයි සිනමා විචාරකයින් අනාවැකි පළ කරනවා.
චීනය, ඉන්දියාව සහ බ්රසීලය වැනි රටවලින් චිත්රපටයට ලැබෙන්නේ විශාල ප්රතිචාරයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ වැඩිම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්රපටය ලෙසත් මෙය ඉතිහාසයට එක් වුණා. මේ අතර ක්රිස්ටෝපර් නෝලන්ගේ ‘ද ඔඩිසි’ චිත්රපටයත් ඩොලර් බිලියන 1.1ක ආදායමක් ලබමින් නෝලන්ගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකම චිත්රපටය බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, ලොව බොහෝ රටවල ප්රේක්ෂකයින්ගේ වැඩිම අවධානයක් දිනා ගැනීමට ස්පයිඩර්-මෑන් චිත්රපටයට හැකි වී තිබීම විශේෂත්වයක්. ටොම් හොලන්ඩ් සහ සෙන්ඩයාගේ රංගනයෙන් හැඩවුණු මෙම නිර්මාණය ඉදිරි දිනවලදී තවත් වාර්තා රැසක් බිඳ හෙළනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback