සෝනි සහ මාර්වල් ස්ටූඩියෝස් එකතුවෙන් තිරගත වන අලුත්ම ස්පයිඩර්-මෑන් චිත්රපටය වන ‘Brand New Day’ මේ වන විට සිනමා ලෝකයම කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. ඇමරිකානු දේශීය බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 700ක සීමාව ඉක්මවා යන්න මේ චිත්රපටයට ගත වුණේ දින 13ක් වැනි ඉතා කෙටි කාලයක් පමණයි. මීට පෙර ‘Star Wars: The Force Awakens’ සහ ‘Avengers: Endgame’ චිත්රපට එම සීමාවට ළඟා වුණේ දින 16කින්. ඒ අනුව, ඉතාම වේගයෙන් ඩොලර් මිලියන 700ක් උපයාගත් චිත්රපටය ලෙස අලුත් වාර්තාවක් තියන්න මේ ස්පයිඩර්-මෑන් චිත්රපටයට පුළුවන් වෙලා තියෙනවා.
මේ වන විට චිත්රපටයේ සමස්ත ජාත්යන්තර ආදායම ඩොලර් බිලියන 1.108ක් ලෙස සටහන් වෙනවා. මෙය සෝනි සමාගමේ ඉතිහාසයේ වාර්තාගත ආදායමක්. විශේෂයෙන්ම චීනය, එක්සත් රාජධානිය, මෙක්සිකෝව සහ ඉන්දියාව වැනි රටවල් රැසක ප්රේක්ෂකයින් මේ චිත්රපටය වැළඳගෙන තියෙනවා. ඩෙස්ටින් ඩැනියෙල් ක්රෙටන්ගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණය, සෝනි සමාගමේ මෙතෙක් බිහිවූ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය ලෙසත් ඉතිහාසයට එක්වෙලා ඉවරයි.
ඉදිරි සති අන්තයේදීත් ඇමරිකානු සහ කැනේඩියානු සිනමාහල්වල වැඩිම ආදායමක් ලබන චිත්රපටය බවට ‘Brand New Day’ පත්වේවි කියලා තමයි බොක්ස් ඔෆිස් විශ්ලේෂකයින් පවසන්නේ. මේ වන විටත් ඇමරිකාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්රපට ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පත්වෙලා ඉන්න මේ චිත්රපටය තව කොපමණ දුරක් යාවිද කියලා බලන්න රසිකයින් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.

Discussion & Feedback