සෝනි සහ මාර්වල් ස්ටූඩියෝස් එක්ව නිර්මාණය කළ ‘ස්පයිඩර්-මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටය මේ වන විට ලොව පුරා සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් ඩොලර් බිලියන 2ක ආදායම් සීමාව පසු කර තිබෙනවා. තිරගත වී දින 17ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී ජයග්රහණය ලබා ගැනීමට චිත්රපටයට හැකි වූ අතර, ලොව වේගයෙන්ම මෙම ඉලක්කය සපුරාගත් දෙවන චිත්රපටය ලෙස මෙය ඉතිහාසයට එක් වුණා. ටොම් හොලන්ඩ් සහ සෙන්ඩයා රංගනයෙන් දායක වන මෙම චිත්රපටය මේ වන විට ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ඉහළම ආදායම් වාර්තා තබමින් ප්රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.
මේ අතර ක්රිස්ටෝපර් නෝලන්ගේ ‘ද ඔඩිසි’ චිත්රපටය ද ලොව පුරා සිනමා ශාලාවල සාර්ථකව තිරගත වෙමින් පවතිනවා. චීනය ඇතුළු රටවල් රැසක අති සාර්ථක ප්රතිචාර ලබමින් මෙම චිත්රපටය මේ වන විට ඩොලර් බිලියන 1.29කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම අයිමැක්ස් (IMAX) තාක්ෂණය ඔස්සේ ප්රේක්ෂකයන්ට නැරඹිය හැකි මෙම චිත්රපටය, නෝලන්ගේ පෙර නිර්මාණවලට වඩා ඉහළ ආදායමක් වාර්තා කරමින් ලොව පුරා සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඉදිරි සතිවලදී තවත් රටවල් කිහිපයකම තිරගත වීමට නියමිත ‘ද ඔඩිසි’ චිත්රපටය ඉදිරියේදී තවත් වාර්තා බිඳ හෙළනු ඇතැයි සිනමා විචාරකයින් විශ්වාස කරනවා.

Discussion & Feedback