මේ වසරේ ජුනි 26 වැනිදා ඉඳන් ජුලි 2 වැනිදා දක්වා පැවැත්වෙන 2026 රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් පොලිසිය විසින් හඳුන්වා දීලා තියෙනවා. බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3,500කට අධික පිරිසක් දිවයින පුරා යොදවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් සහ ජලාශ ආශ්‍රිතව සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්න පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් සහ නාවික හමුදාව ඇතුළු විශේෂ කණ්ඩායම් රාජකාරියේ යොදවන්නත් පියවර අරගෙන තියෙනවා.
පොසොන් කලාපය අංශ 10කට බෙදා වෙන් කරලා තියෙන අතර, අනුරාධපුරයට ඇතුළු වන වාහන සඳහා විශේෂ මාර්ග සැලැස්මක් ක්‍රියාත්මකයි. පුත්තලම, කුරුණෑගල, දඹුල්ල සහ පොළොන්නරුව වගේ ප්‍රදේශවල ඉඳන් එන වාහන සඳහා පන්දුලගම, පොතානගම සහ ජයන්ති වටරවුම වැනි ස්ථාන හරහා ගමන් කිරීමට පහසුකම් සලසා තියෙනවා. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් නිල රථ ගාල් 21ක් සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා පොසොන් උත්සව සමයේදී පොලිසිය ලබා දෙන උපදෙස් සහ මාර්ග සංඥා පිළිපදිමින් බැතිමතුන්ට තමන්ගේ ආගමික වතාවත් බාධාවකින් තොරව සිදුකර ගැනීමට සහයෝගය ලබා දෙන්න කියලා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback