යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ක්‍රියාත්මක වුණු ඉතාම භයානක සහ දැවැන්තම අපරාධ ජාලයක් බිඳ දැමීමට ස්පාඤ්ඤ පොලිසිය සමත් වෙලා තියෙනවා. මේ වැටලීමේදී ස්පාඤ්ඤයේ සහ ඇල්ජීරියාවේ සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. මේ කල්ලිය මත්ද්‍රව්‍ය, ආයුධ සහ මිනිස් ජාවාරම වගේම කප්පම් ගැනීම් සහ මුදල් විශුද්ධිකරණය වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ බවයි යුරෝපෝල් ආයතනය පවසන්නේ. ඔවුන් සතුව තිබූ අධිවේගී යාත්‍රා 18ක්, විශාල මත්ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ රැසක් පොලිස් භාරයට අරගෙන තියෙනවා.
මේ ජාවාරම්කරුවන් ‘ගෝස්ට් ස්පීඩ් බෝට්’ හෙවත් රේඩාර්වලට හසු නොවන විශේෂ යාත්‍රා භාවිතා කරමින් ඉතාම අනතුරුදායක ලෙස මිනිසුන් ප්‍රවාහනය කරලා තියෙනවා. එක වරකට පුද්ගලයන් 50කට වඩා ප්‍රවාහනය කරමින්, එක් අයෙකුගෙන් යුරෝ 12,000ක් වැනි විශාල මුදලක් ඔවුන් අය කර තිබෙනවා. මේ ජාවාරම හරහා ඔවුන් උපයා ඇති මුදල යුරෝ මිලියන 24කට අධික බවයි වාර්තා වෙන්නේ. අසරණ මිනිසුන්ව කිසිදු ආරක්ෂාවක් නැතිව, අමානුෂික තත්වයන් යටතේ මුහුද හරහා ප්‍රවාහනය කරමින් ඔවුන් සිදු කළ මේ අපරාධ ජාලය බිඳ දැමීම ජාත්‍යන්තර පොලිස් මෙහෙයුමක විශාල ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.

Discussion & Feedback