ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර 87 හැවිරිදි කාන්තාවකව ඇයගේ නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමත් සමඟ රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් මතුවුණා. මේ සිදුවීමත් සමඟ ස්පාඤ්ඤයේ පවතින නිවාස අර්බුදය ගැන ලොකු කතාබහක් ඇති වුණා. මැඩ්රිඩ්, බාර්සිලෝනා, සෙවිල් වගේ ප්‍රධාන නගර ගණනාවකම ජනතාව පාරට බැහැලා තමන්ගේ විරෝධය පළ කළා. මේ තත්ත්වය හමුවේ ස්පාඤ්ඤ රජය අසරණ ජනතාවට සහනයක් ලබා දෙන්න නව නිවාස ප්‍රතිපත්ති කිහිපයක්ම හඳුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා.
සෞඛ්‍ය ඇමතිනි මොනිකා ගාර්ෂියා පවසන විදිහට, 2030 වසර දක්වා නිවාසවලින් ඉවත් කිරීම් තහනම් කිරීමටත්, කුලී නිවාස කොන්ත්‍රාත්තු 2028 දක්වා දීර්ඝ කිරීමටත් රජය සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම කෙටි කාලීන කුලී නිවාස දැඩි නියාමනයකට ලක් කරන්නත්, ආයෝජන සමාගම් විසින් නිවාස මිලදී ගැනීම තහනම් කරන්නත් පියවර ගන්නවා. මේකෙන් මිලියන පහකට වැඩි පිරිසකට සහනයක් ලැබෙන බව ඇය කියනවා. නමුත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ මේ තීරණ නිසා කුඩා පරිමාණයේ නිවාස හිමියන්ට අසාධාරණයක් සිදුවිය හැකි බවයි.
මේ අතර, නිවසින් ඉවත් කළ 87 හැවිරිදි මරිකාමන් අබාස්කල් මහත්මියට නැවතත් ඇයගේ නිවසටම යාමට අවස්ථාව ලැබී තිබීම සතුටට කරුණක්. කෙසේ වෙතත්, රජයේ මේ නව යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම තවමත් අභියෝගයක් වෙලා තියෙනවා. ඉදිරි දින 30 ඇතුළත මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback