ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉදිවෙන ස්පේස් එක්ස් සමාගමේ නවතම ‘ටෙරාෆැබ්’ (Terafab) අර්ධ සන්නායක කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය විදුලිය ලබාගන්න ඔවුන් සැලසුම් කරන්නේ සූර්ය බලශක්තියෙන් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් තමන්ගේම ස්වභාවික වායු බලාගාර ඉදිකරන්න තීරණය කරලා තියෙනවා. ඉලොන් මස්ක්ගේ සමාගමක් වුණත්, ටෙස්ලා සූර්ය බලශක්ති තාක්ෂණය පසෙකලා මෙවැනි පියවරක් ගැනීම ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා විශාල බැටරි පද්ධතිත් ඇතුළත් වෙනවා කියලා ස්පේස් එක්ස් බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා.
මේ වන විට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය දියුණු වීමත් එක්ක දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි බලයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසාම ස්පේස් එක්ස් සහ ඔවුන්ගේ xAI අනුබද්ධ ආයතනය මේ සඳහා ස්වභාවික වායු බලාගාර වෙත වැඩි නැඹුරුවක් දක්වනවා. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 16.8ක මුදලක් වැය වෙන අතර, ඉදිරි වසර කිහිපය තුළ රැකියා 1,800කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, ස්වභාවික වායු භාවිතය නිසා පරිසර දූෂණය සිදුවන බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙමින් පවතින අතර, පසුගිය කාලයේ xAI ආයතනයට මේ සම්බන්ධයෙන් නඩු පවා පැවරී තිබුණා.
ටෙක්සාස් ප්‍රාන්තයේ මේ ව්‍යාපෘතිය සඳහා විශාල බදු සහන සහ දිරිගැන්වීම් ලැබී තිබුණත්, පරිසර හිතකාමී විකල්ප වෙනුවට පොසිල ඉන්ධන භාවිතය තවදුරටත් ඉහළ යාම ලෝකයේම කතාබහට ලක්වෙලා තියෙනවා. ගූගල්, මෙටා සහ මයික්‍රොසොෆ්ට් වැනි දැවැන්ත සමාගම් පවා මේ වන විට තමන්ගේම බලශක්ති මධ්‍යස්ථාන ඉදිකිරීමේ තරඟයක නිරත වෙලා ඉන්නවා.

Discussion & Feedback