ලොව ප්රකට SpaceX සමාගම විසින් දියත් කිරීමට නියමිතව තිබූ 13 වැනි ස්ටාර්ෂිප් රොකට් අත්හදා බැලීම, දියත් කිරීමට මොහොතකට පෙර හදිසියේම නතර කිරීමට සිදුවුණා. රොකට්ටුවේ ප්රධාන එන්ජින් 33ක් ක්රියාත්මක වීමට පටන් ගත් අවස්ථාවේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව අදහස් දක්වමින් SpaceX ආයතනය පවසන්නේ, අදාළ දෝෂය නිවැරදි කර ඉදිරි පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි. සමාගමේ ප්රධානී එලොන් මස්ක් පවසන පරිදි, රොකට්ටුවේ තිබූ රැප්ටර් එන්ජින් දෙකක් ඉවත් කර අලුතින් සවි කිරීමට සිදුව ඇති අතර, ඒ අනුව ලබන සඳුදා දිනයේදී නැවතත් මෙම අත්හදා බැලීම සිදු කිරීමට නියමිතයි.
මෙම 13 වැනි අත්හදා බැලීම ඉතා වැදගත් වන්නේ, ස්ටාර්ෂිප් V3 රොකට්ටුව මගින් අභ්යවකාශයට යැවීමට නියමිත නව පරපුරේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා 20ක් ද රැගෙන යාමට නියමිත නිසයි. මෙම චන්ද්රිකා අභ්යවකාශයේදී රොකට්ටුවේ තාප ආවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැමරා පද්ධතිවලින් ද සමන්විත වෙනවා. පසුගිය වතාවේදී සිදුවූ සුළු අඩුපාඩු මගහරවා ගනිමින්, මෙවර රොකට්ටුව සාර්ථකව ගමනාන්තයට ළඟා කරවීම SpaceX ඉලක්කයයි. අභ්යවකාශ ලෝලීන්ට මෙම දැවැන්ත රොකට්ටුවේ ආකෘතියක් මිලදී ගැනීමටත් මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, ලබන සඳුදා සිදුවන මෙම උත්සාහය සාර්ථක වේවිද යන්න පිළිබඳව ලොව පුරා බොහෝ දෙනෙක් මේ වන විටත් බලා සිටිනවා.

Discussion & Feedback