අගෝස්තු 25 වෙනිදා අලුයම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අහසට නැගුණු ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුව ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණා. ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 29ක් රැගෙන ගිය මෙම මෙහෙයුම ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් ෆ්ලොරිඩාවෙන් සිදුකළ අවසන් ස්ටාර්ලින්ක් මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වුණා. මේ රොකට්ටුව අහස හරහා ගමන් කරන විට ඇති වූ ආලෝක රටාව නිසා නිව්යෝර්ක් නගරයේ සිටි බොහෝ දෙනෙකුට අහසේ අලංකාර ‘ජෙලිෆිෂ්’ හැඩැති දසුනක් දැකගන්න ලැබුණා. අලුයම කාලයේ හිරු එළිය රොකට්ටුවේ පිටාර වායු මත පතිත වීම නිසා මෙවැනි අපූරු දසුනක් නිර්මාණය වන බව විද්‍යාඥයන් පවසනවා.
මෙම මෙහෙයුම ෆැල්කන් 9 රොකට්ටුවක 100 වැනි ගුවන්ගත කිරීම වීමත් විශේෂත්වයක්. ස්පේස් එක්ස් සමාගම ඉදිරියේදී ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා යැවීම සඳහා ඔවුන්ගේ අති දැවැන්ත ‘ස්ටාර්ෂිප්’ (Starship) රොකට්ටුව භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ෆැල්කන් 9 රොකට්ටුව පසුගිය වසර හතක කාලය තුළ ස්ටාර්ලින්ක් මෙහෙයුම් 260ක් පමණ සාර්ථකව සිදු කරමින් අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ විශාල පෙරළියක් කළා. කෙසේ වෙතත්, අනාගතයේදී ස්ටාර්ෂිප් රොකට්ටුව මගින් දහස් ගණනක් මෙහෙයුම් සිදු කිරීමට සමාගම බලාපොරොත්තු වන අතර, ඒ හරහා අභ්‍යවකාශ ගමන් වඩාත් පහසු සහ වේගවත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback