SpaceXAI සමාගම විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි මාදිලිය වන Grok 4.5 මේ වන විට එළිදක්වා තිබෙනවා. මෙය සමාගම මහජන කොටස් වෙළඳපොළට පිවිසීමෙන් පසු නිකුත් කළ පළමු මාදිලිය වීම විශේෂත්වයක්. මෙම නව මාදිලිය කේත ලිවීම, යෙදුම් නිර්මාණය, කාර්යාලීය වැඩ කටයුතු සහ පර්යේෂණ වැනි දෛනික කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ඇති ‘වැඩකාරයෙක්’ ලෙසයි සමාගම හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම අනෙකුත් ප්රමුඛ පෙළේ AI මාදිලිවලට වඩා දෙගුණයක ටෝකන් කාර්යක්ෂමතාවක් මෙහි පවතින නිසා, පරිශීලකයන්ට අඩු වියදමකින් වැඩි වැඩ කොටසක් කරගන්න පුළුවන්.
එලොන් මස්ක් සිය X සමාජ මාධ්‍ය ගිණුම හරහා පවසා සිටියේ මෙය Anthropic සමාගමේ Opus මාදිලියට සමාන හැකියාවන් සහිත, නමුත් වඩා වේගවත් සහ ලාභදායී මාදිලියක් බවයි. මිල ගණන් දෙස බැලීමේදී, Grok 4.5 හි ආදාන ටෝකන් මිලියනයකට ඩොලර් 2ක් සහ ප්‍රතිදාන ටෝකන් මිලියනයකට ඩොලර් 6ක් ලෙස ඉතා තරඟකාරී මිලක් නියම කර තිබෙනවා. මෙය වෙළඳපොලේ පවතින අනෙකුත් ප්‍රබල මාදිලිවලට සාපේක්ෂව ඉතා අඩු අගයක්. ඉදිරි දිනවලදී OpenAI සමාගම විසින් ඔවුන්ගේ GPT 5.6 මාදිලිය නිකුත් කිරීමට සූදානම් වන පසුබිමක, SpaceXAI හි මෙම පියවර AI ක්ෂේත්රයේ දැඩි තරඟකාරීත්වයක් ඇති කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම නව මාදිලිය පරිශීලකයන් අතර කෙතරම් ජනප්‍රිය වේවිද යන්න ඉදිරි කාලයේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback