එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම මේ වන විට අභ්යවකාශ තාක්ෂණයේ දැවැන්ත පියවරක් තබන්න සූදානම් වෙනවා. ඔවුන් ඇමරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවට ඉදිරිපත් කරපු අලුත්ම වාර්තාවලට අනුව, පෘථිවිය වටා කක්ෂගත කරන්න බලාපොරොත්තු වන ‘Gen3’ වර්ගයේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා සංඛ්යාව ලක්ෂයක් දක්වා ඉහළ නංවන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. දැනටමත් ස්පේස් එක්ස් සතුව චන්ද්රිකා දහස් ගණනක් අභ්යවකාශයේ තිබුණත්, මේ අලුත් සැලැස්ම මගින් අන්තර්ජාල සේවා ජාලය තවත් පුළුල් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ අලුත් චන්ද්රිකා ප්රමාණයෙන් සහ බරින් පෙර තිබූ චන්ද්රිකාවලට වඩා ගොඩක් විශාලයි. එක චන්ද්රිකාවක් කිලෝග්රෑම් 2000ත් 2500ත් අතර බරකින් යුක්ත වෙනවා. මේ තරම් විශාල චන්ද්රිකා පෘථිවි කක්ෂයට යවන්න සාමාන්ය රොකට් ප්රමාණවත් වෙන්නේ නැති නිසා, ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ දැවැන්ත ‘ස්ටාර්ෂිප්’ රොකට් එක මේ සඳහා යොදාගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව, කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් ක්රියාත්මක වන ‘ස්ටාර්මයින්ඩ්’ නමින් තවත් දැවැන්ත චන්ද්රිකා ජාලයක් ගොඩනගන්නත් මස්ක් සැලසුම් කරලා තියෙනවා.
කෙසේ වෙතත්, මේ තරම් විශාල චන්ද්රිකා ප්රමාණයක් අභ්යවකාශයට යැවීම ගැන විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම රාත්රී අහසේ දර්ශනයට සහ තාරකා විද්යාත්මක නිරීක්ෂණවලට මේ නිසා බාධා ඇති විය හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. අභ්යවකාශය මෙතරම් තදබද වීමෙන් අනාගතයේදී ඇති විය හැකි ගැටලු ගැනත් මේ වන විට ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback