ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී SpaceX සමාගම විසින් දියත් කිරීමට නියමිතව තිබූ ඔවුන්ගේ නවතම ස්ටාර්ෂිප් (Starship V3) රොකට් යානය අවසන් මොහොතේදී හදිසියේම නතර කිරීමට සිදුවුණා. රොකට් එන්ජින් ක්‍රියාත්මක වීම ආරම්භ වූවත්, ඉන් කිහිපයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ස්වයංක්‍රීයවම මෙම දියත් කිරීම අත්හිටුවීමට පද්ධතිය පියවර ගත්තා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉලොන් මස්ක් පවසා සිටියේ එන්ජින් දෙකක් අලුතින් ප්‍රතිස්ථාපනය කිරීමට සිදුව ඇති බවත්, ලබන සතිය වන තුරු නැවත දියත් කිරීමක් සිදු නොකරන බවත්ය.
මෙම සිදුවීමත් සමඟ SpaceX සමාගමේ කොටස් වෙළඳපොළ අගයද යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. පසුගිය මැයි මාසයේදී සිදුකළ පළමු අත්හදා බැලීමේදීද විවිධ තාක්ෂණික ගැටලු මතු වූ අතර, මෙවර දියත් කිරීම මගින් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අභ්‍යවකාශයට යැවීමට සමාගම බලාපොරොත්තු වුණා. කෙසේ වෙතත්, රොකට් යානයේ ඉන්ධන ඉවත් කර නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ඉංජිනේරුවන් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අභ්‍යවකාශ ක්ෂේත්රයේ දැවැන්ත පියවරක් තැබීමට උත්සාහ කරන SpaceX සමාගමට මෙම බාධාව විශාල අභියෝගයක් වී තිබෙනවා.

Discussion & Feedback