ලොව බලවත්ම රොකට්ටුව ලෙස සැලකෙන ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුව සිය 13 වැනි අත්හදා බැලීමේ පියාසැරිය සඳහා මේ වන විටත් සූදානම් කර තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි ස්ටාර්බේස් මධ්යස්ථානයේදී මෙම දැවැන්ත රොකට්ටුව එකලස් කිරීම අවසන් කර ඇති අතර, අද දින නියමිත වේලාවට එය අභ්යවකාශයට යැවීමට සියල්ල සූදානම්. මෙම නවතම ‘වර්ෂන් 3’ (V3) ස්ටාර්ෂිප් රොකට්ටුව පෙර පැවති මාදිලිවලට වඩා වැඩි ඉන්ධන ධාරිතාවකින් සහ නවීකරණය කරන ලද රැප්ටර් 3 එන්ජින් 33කින් සමන්විත වීම විශේෂත්වයක්.
මෙම පියාසැරිය නාසා ආයතනයටත් ඉතා වැදගත් වන්නේ, ඔවුන්ගේ ආටෙමිස් සඳ ගවේෂණ වැඩසටහන සඳහා ස්ටාර්ෂිප් රොකට්ටුව යොදා ගැනීමට සැලසුම් කර ඇති නිසයි. විශේෂයෙන්ම අභ්යවකාශයේදී ඉන්ධන හුවමාරු කිරීමේ තාක්ෂණය සාර්ථක කර ගැනීම මෙහි ප්රධාන අරමුණක්. පසුගිය වතාවේදී සිදුවූ සුළු තාක්ෂණික දෝෂ මඟහරවා ගනිමින්, මෙවර පියාසැරිය වඩාත් සාර්ථක කර ගැනීමට ස්පේස් එක්ස් ඉංජිනේරුවන් දැඩි උත්සාහයක නිරත වෙනවා. අද දින සිදුවන මෙම අත්හදා බැලීම අනාගත අභ්යවකාශ ගමන් සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback