අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන SpaceX සමාගම තවත් සුවිශේෂී වාර්තාවක් තබමින්, මේ වසරේ සිය 100 වැනි ෆැල්කන් 9 රොකට් මෙහෙයුම සාර්ථකව දියත් කළා. ෆ්ලොරිඩා හි කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළ මෙම රොකට්ටුව මගින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල චන්ද්‍රිකා 29ක් සාර්ථකව කක්ෂගත කළා. විශේෂම කරුණ තමයි, මෙම මෙහෙයුම සඳහා යොදාගත් B1067 නම් රොකට් බූස්ටරය 37 වැනි වතාවටත් අභ්‍යවකාශ ගත කිරීම. මෙය රොකට්ටුවක් නැවත නැවත භාවිත කිරීමේ ලෝක වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ.
අද වන විට ලෝකයේ කාර්යබහුලම රොකට්ටුව ලෙස ෆැල්කන් 9 හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරේ පමණක් මෙහෙයුම් 165ක් සාර්ථකව සිදු කිරීමට ඔවුන්ට හැකි වුණා. රොකට්ටුවේ පළමු අදියර නැවත පෘථිවියට ගොඩබස්වා නැවත භාවිත කිරීමේ තාක්ෂණය නිසා අභ්‍යවකාශ ගමන්වල පිරිවැය විශාල ලෙස අඩු කරගන්න SpaceX සමාගමට පුළුවන් වෙලා තියෙනවා. මේ වන විට ඔවුන් සතුව මෙවැනි බූස්ටර හයක් තියෙනවා, ඒ හැම එකක්ම අවම වශයෙන් 30 වතාවකට වඩා අභ්‍යවකාශ ගත කරලා තියෙනවා.
මේ අතර, SpaceX සමාගමේ ඊළඟ ඉලක්කය වෙන්නේ ‘ස්ටාර්ෂිප්’ නම් දැවැන්ත රොකට්ටුවයි. එය සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි ලෙස නිර්මාණය කරලා තියෙනවා. මේ වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 11,000කට වඩා කක්ෂයේ ක්‍රියාත්මක වෙනවා. අභ්‍යවකාශ ගමන් ක්ෂේත්රයේ මෙවැනි දියුණුවක් දකින එක ඇත්තටම පුදුම හිතෙන දෙයක්. ඉදිරියේදී ස්ටාර්ෂිප් රොකට්ටුවත් සාර්ථකව කක්ෂගත වුණොත්, අභ්‍යවකාශ ගමන් තවත් පහසු සහ වේගවත් වේවි.

Discussion & Feedback