අභ්යවකාශ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ස්පේස් එක්ස් (SpaceX) සමාගම ඉදිරියේදී සඳ මත කර්මාන්තශාලා ඉදිකිරීමට දැවැන්ත සැලසුමක් ක්රියාත්මක කරන බව එලොන් මස්ක් පවසනවා. පසුගියදා පැවති සමාගමේ ආදායම් වාර්තා කිරීමේ හමුවකදී ඔහු මේ බව ප්රකාශ කළේ. සඳ මත රොබෝවරුන් යොදාගෙන ස්ටාර්මයින්ඩ් (Starmind) නමැති කෘත්රිම බුද්ධි චන්ද්රිකා නිෂ්පාදනය කිරීම මස්ක්ගේ මූලික අරමුණයි. මෙය අහන්න ලැබෙන විට විද්යා ප්රබන්ධ චිත්රපටයක දර්ශනයක් වගේ දැනුනත්, මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් බව ඔහු ඉතා විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.
මෙම ව්යාපෘතිය සඳහා ටෙස්ලා සමාගම විසින් නිපදවන ඔප්ටිමස් (Optimus) මානව රොබෝවරුන් යොදා ගැනීමට නියමිතයි. සඳ මත සූර්ය පැනල සහ තාප විකිරණ පද්ධති නිෂ්පාදනය කිරීමෙන් පසු, විද්යුත් චුම්භක මාස් ඩ්රයිවර් (mass drivers) තාක්ෂණය භාවිතයෙන් මෙම චන්ද්රිකා අභ්යවකාශයට යැවීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් (Starship) රොකට්ටුව හරහා මෙම බර පැටවුම් සඳ මතට ප්රවාහනය කිරීමට නියමිත අතර, මෙය සාර්ථක වුවහොත් අභ්යවකාශ ආර්ථිකය මීට වඩා මිලියන ගුණයකින් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවයි මස්ක් පෙන්වා දෙන්නේ. මේ වන විටත් ස්ටාර්ෂිප් රොකට්ටුවේ පරීක්ෂණ කටයුතු ඉතා වේගයෙන් සිදුවන අතර, අභ්යවකාශ ගවේෂණයේ නව යුගයක් මේ හරහා උදාවනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback