අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ස්පේස් එක්ස් (SpaceX) සමාගම ඉදිරියේදී සඳ මත කර්මාන්තශාලා ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බව එලොන් මස්ක් පසුගියදා ප්රකාශ කළා. මේක අහද්දී විද්යා ප්රබන්ධයක් වගේ පෙනුනට, මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් බවයි මස්ක් අවධාරණය කරන්නේ. සඳ මත රොබෝවරුන් යොදාගෙන දැවැන්ත නිෂ්පාදන කටයුතු සිදුකිරීම හරහා අභ්යවකාශ තාක්ෂණයේ නව පෙරළියක් ඇති කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ස්ටාර්මයින්ඩ් (Starmind) නමැති කෘත්රිම බුද්ධිය සහිත චන්ද්රිකා නිෂ්පාදනය කිරීම සහ ඒවා සඳ මතුපිට සිටම අභ්යවකාශයට යැවීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
මේ සඳහා අවශ්ය ශ්රමය සැපයීමට ටෙස්ලා සමාගම විසින් නිපදවන ඔප්ටිමස් (Optimus) මානව රොබෝවරුන් යොදාගැනීමට නියමිතයි. සඳ මත සූර්ය පැනල සහ තාප විකිරණ පද්ධති නිෂ්පාදනය කිරීමෙන් පෘථිවියේ ආර්ථිකයට වඩා දහස් ගුණයක බලපෑමක් අභ්යවකාශ ආර්ථිකයට ලබාදිය හැකි බව මස්ක් විශ්වාස කරනවා. මේ සියලු කටයුතු සාර්ථක කරගැනීම සඳහා ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් (Starship) රොකට්ටුව ප්රධාන කාර්යභාරයක් ඉටු කරනවා. දැනටමත් ස්ටාර්ෂිප් රොකට්ටුවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් සහ දියත් කිරීමේ මධ්යස්ථාන වැඩිදියුණු කරමින්, අභ්යවකාශයේ නව යුගයක් උදා කිරීමට ස්පේස් එක්ස් සමාගම දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback