අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ප්රධානී එලොන් මස්ක් පසුගියදා ඉතාමත් සුවිශේෂී ප්රකාශයක් සිදු කළා. ඔහු පවසන විදිහට, ඉදිරියේදී සඳ මත කර්මාන්තශාලා ඉදි කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ප්රධාන වශයෙන්ම යොදා ගන්නේ රොබෝ තාක්ෂණයයි. මෙය අහන්න ලැබෙද්දී විද්යා ප්රබන්ධ චිත්රපටයක දර්ශනයක් වගේ දැනුනත්, මස්ක් පවසන්නේ මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් බවයි. විශේෂයෙන්ම ස්පේස් එක්ස් සමාගමේ ‘ස්ටාර්මයින්ඩ්’ (Starmind) නමැති කෘත්රිම බුද්ධියෙන් ක්රියාත්මක වන චන්ද්රිකා නිෂ්පාදනය කිරීම මේ කර්මාන්තශාලා හරහා සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා අවශ්ය වන සූර්ය පැනල සහ අනෙකුත් උපාංග සඳ මතම නිෂ්පාදනය කර, පසුව ඒවා අභ්යවකාශයට යැවීමට බලවත් විද්යුත් චුම්භක මාර්ග (mass drivers) භාවිතා කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ටෙස්ලා සමාගමේ ‘ඔප්ටිමස්’ (Optimus) රොබෝවරුන් යොදා ගැනෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සියලු කටයුතු සඳහා ස්පේස් එක්ස් සමාගමේ ‘ස්ටාර්ෂිප්’ (Starship) රොකට්ටුව ප්රධාන මෙවලම ලෙස භාවිතා කරනවා. දැනටමත් මේ රොකට්ටුවේ නිෂ්පාදන කටයුතු සහ දියත් කිරීමේ මධ්යස්ථාන වැඩි දියුණු කිරීමට සමාගම විශාල උත්සාහයක් ගන්නවා. මේ ව්යාපෘතිය සාර්ථක වුණොත්, අනාගතයේදී පෘථිවියේ ආර්ථිකයට වඩා දහස් ගුණයක බලපෑමක් අභ්යවකාශයේ සිට ඇති කිරීමට මනුෂ්ය වර්ගයාට හැකි වේවි කියලා මස්ක් විශ්වාස කරනවා.

Discussion & Feedback