ලෝකයේ ප්‍රමුඛතම අභ්‍යවකාශ සමාගමක් වන ස්පේස්එක්ස් (SpaceX) පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කළා. ඒ ඔවුන්ගේ ෆැල්කන් රොකට් පවුලේ 100 වැනි මෙහෙයුම ලෙස තවත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 27ක් සාර්ථකව අභ්‍යවකාශයට යැවීමත් සමඟයි. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අලුයම ගුවන්ගත කළ මෙම ෆැල්කන් 9 රොකට්ටුව, නියමිත පරිදි සිය ගමනාන්තය කරා ළඟා වුණා. ගුවන්ගත කිරීමෙන් මිනිත්තු 8කට පසුව රොකට්ටුවේ පළමු අදියර නැවතත් පෘථිවියට පැමිණ සාගරයේ තිබූ ස්පේස්එක්ස් ඩ්‍රෝන් නෞකාවක් මත ආරක්ෂිතව ගොඩබෑමට සමත් වුණා.
මෙම වසරේ පමණක් ස්පේස්එක්ස් සමාගම සිදුකළ 100 වැනි මෙහෙයුම මෙය වීම විශේෂත්වයක්. දැනටමත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 11,000කට අධික ප්‍රමාණයක් පෘථිවි කක්ෂයේ ක්‍රියාත්මක වන අතර, අනාගතයේදී තවත් අතිවිශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් අභ්‍යවකාශයට යැවීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුව භාවිතයෙන් ඉදිරියේදී ලක්ෂ ගණනක චන්ද්‍රිකා ජාලයක් ගොඩනැගීම ඔවුන්ගේ ඉලක්කයයි. අභ්‍යවකාශ තාක්ෂණය දිනෙන් දින දියුණු වන අයුරු දෙස බලන විට, ඉදිරි වසර කිහිපය තුළ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවනු ඇති බව නම් පැහැදිලියි.

Discussion & Feedback