SpaceX සමාගම තමන්ගේ අන්තර්ජාල සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් තවත් Starlink චන්ද්රිකා 24ක් අභ්යවකාශයට යවන්න කටයුතු කළා. මේ මෙහෙයුම දියත් වුණේ කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරෙන්. මේ වසරේදී පමණක් Falcon 9 රොකට්ටුවක් අභ්යවකාශගත කළ 90 වැනි අවස්ථාව මෙය වන අතර, ඉන් 70ක්ම වෙන්වෙලා තියෙන්නේ Starlink චන්ද්රිකා ජාලය ගොඩනැගීම සඳහායි. මේ වන විට Starlink ජාලයට අයත් චන්ද්රිකා සංඛ්යාව 10,900කට ආසන්න වෙලා තියෙනවා.
මෙම මෙහෙයුමේදී භාවිතා කළ Falcon 9 රොකට්ටුවේ පළමු අදියර, දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසුව පැසිෆික් සාගරයේ තිබූ ‘Of Course I Still Love You’ නම් යාත්රාව මතට ඉතා සාර්ථකව ගොඩබස්වන්න SpaceX ඉංජිනේරුවන් සමත් වුණා. B1063 ලෙස නම් කර ඇති මෙම රොකට් කොටස මෙතෙක් 34 වතාවක් අභ්යවකාශ මෙහෙයුම් සඳහා යොදාගෙන තිබීම විශේෂත්වයක්. මේ අතර, SpaceX සමාගම තමන්ගේ පළමු ප්රසිද්ධ ආදායම් වාර්තාව පිළිබඳව අද දිනයේදී විශේෂ දේශනයක් පවත්වන්නත් සූදානම් වෙනවා. එලොන් මස්ක්ගේ නායකත්වයෙන් යුත් මෙම සමාගම පසුගිය ජූනි මාසයේදී කොටස් වෙළඳපොළට එක්වීමෙන් පසුව, ඔවුන්ගේ ව්යාපාරික කටයුතු පිළිබඳව ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා.

Discussion & Feedback