අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, අභ්යවකාශයේ පවතින චන්ද්රිකා අලුත්වැඩියා කිරීම සහ ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා විශේෂිත රොබෝ යානයක් අභ්යවකාශගත කිරීමට SpaceX ආයතනය පියවර ගත්තා. ෆ්ලොරිඩා හි කේප් කැනවරල් සිට ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් මෙම මෙහෙයුම දියත් කළේ අඩි 10ක් දිග රොබෝ දෑත් දෙකකින් සමන්විත ‘මිෂන් රොබොටික් වෙහිකල්’ (MRV) නම් යානය සහ තවත් අමතර උපාංග තුනක් රැගෙනයි. පෘථිවියේ සිට කිලෝමීටර් 35,000කට වඩා ඉහළින් පිහිටි භූ-ස්ථායී කක්ෂයේදී මෙම යානය ක්රියාත්මක වීමට නියමිතයි.
මෙම නවීන රොබෝ යානයට චන්ද්රිකා අලුත්වැඩියා කිරීමට, ඒවායේ පිහිටීම වෙනස් කිරීමට සහ අමතර උපාංග සවි කිරීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම, මෙමගින් චන්ද්රිකාවලට අමතර ඉන්ධන සහ බලශක්ති පද්ධති සවි කර ඒවායේ ආයු කාලය තවත් වසර අටකින් පමණ දීර්ඝ කරන්න පුළුවන්. දැනටමත් ඔප්ටස් සහ ඉන්ටෙල්සැට් වැනි ප්රධාන සමාගම් කිහිපයක්ම මෙම සේවාව ලබා ගැනීමට එක්ව සිටිනවා. අභ්යවකාශයේ ඇති වටිනා චන්ද්රිකා අපද්රව්ය බවට පත්වීම වැළැක්වීමට සහ අභ්යවකාශ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම තාක්ෂණය විශාල පිටුවහලක් වේවි.
මෙම මෙහෙයුම සඳහා යොදාගත් ෆැල්කන් 9 රොකට්ටුව එහි අවසන් ගමන සනිටුහන් කළේ, අභ්යවකාශගත කළ බර වැඩි නිසා නැවත පෘථිවියට ගොඩබැසීමකින් තොරවයි. අභ්යවකාශයේ සැරිසරන චන්ද්රිකා අලුත්වැඩියා කිරීමේ මෙම නව ප්රවේශය, අනාගතයේදී අභ්යවකාශ ගවේෂණ කටයුතු වඩාත් පහසු සහ ලාභදායී කරනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback