ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් අලුත්ම ස්ටාර්ලින්ක් චන්ද්රිකා තොගයක් අභ්යවකාශයට යවන්න SpaceX සමාගම අද කටයුතු කළා. ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකා 29 පෘථිවියට ආසන්න කක්ෂයකට රැගෙන ගිය අතර, දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසුව රොකට්ටුවේ පළමු අදියර සාර්ථකව අත්ලාන්තික් සාගරයේ තිබූ යාත්රාවක් මත ගොඩබෑමට හැකි වුණා. විශේෂත්වය වන්නේ මෙම රොකට්ටුව මීට පෙර අවස්ථා 18කදීම අභ්යවකාශ මෙහෙයුම් සඳහා යොදාගෙන තිබීමයි.
මෙම වසරේ පමණක් ෆැල්කන් 9 රොකට්ටුවක් දියත් කළ 93 වැනි අවස්ථාව මෙයයි. ඉන් මෙහෙයුම් 72ක්ම වෙන්වී තිබෙන්නේ ලොව විශාලතම චන්ද්රිකා ජාලය වන ස්ටාර්ලින්ක් ව්යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමටයි. දැනටමත් අභ්යවකාශයේ ක්රියාකාරී ස්ටාර්ලින්ක් චන්ද්රිකා 10,900කට වඩා තිබෙනවා. අනාගතයේදී තවත් විශාල චන්ද්රිකා ප්රමාණයක් අභ්යවකාශගත කිරීමට එලොන් මස්ක්ගේ SpaceX සමාගම සැලසුම් කර තිබෙන අතර, ඒ හරහා ලොව පුරා අන්තර්ජාල පහසුකම් තවදුරටත් දියුණු කිරීම ඔවුන්ගේ ප්රධාන අරමුණයි. අභ්යවකාශ තාක්ෂණයේ මෙවැනි දියුණුවක් දෙස ලෝකයම මේ වන විට බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්.

Discussion & Feedback