SpaceX සමාගම විසින් තවත් Starlink චන්ද්රිකා 29ක් අභ්යවකාශයට යැවීමට අද (අගෝස්තු 21) කටයුතු කළා. ෆ්ලොරිඩා ප්රාන්තයේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් මෙම මෙහෙයුම දියත් කෙරුණේ Falcon 9 රොකට්ටුවක් ආධාරයෙන්. ඇත්තටම මේ ගමන ඊයේ දින නියමිතව තිබුණත්, යම් නොදන්නා හේතුවක් නිසා එය අද දිනට කල් දැමීමට සිදුවුණා. කෙසේ වෙතත්, අද උදෑසන 11:14ට ඉතා සාර්ථකව රොකට්ටුව අභ්යවකාශයට ගමන් කළා.
මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ Falcon 9 රොකට්ටුවේ පළමු අදියර නැවතත් පෘථිවියට පැමිණ අත්ලාන්තික් සාගරයේ තිබූ ‘A Shortfall of Gravitas’ නම් යාත්රාව මත ඉතා නිවැරදිව ගොඩබෑමයි. මෙය B1078 ලෙස නම් කර ඇති රොකට් බූස්ටරය සිදු කළ 30 වැනි සාර්ථක ගොඩබෑම වීමත් විශේෂත්වයක්. මේ වන විට අභ්යවකාශයේ ක්රියාත්මක වන Starlink චන්ද්රිකා සංඛ්යාව 11,000කට ආසන්න වී තිබෙනවා.
මේ වසරේ පමණක් SpaceX සමාගම Falcon 9 රොකට් මෙහෙයුම් 98ක් සිදු කර ඇති අතර, ඉන් 75ක්ම වෙන් වී තිබෙන්නේ Starlink චන්ද්රිකා කක්ෂගත කිරීම සඳහායි. මීට අමතරව Falcon Heavy සහ Starship වැනි දැවැන්ත රොකට් පරීක්ෂණ කිහිපයක්ද ඔවුන් මේ වසරේ සිදු කර තිබෙනවා. අභ්යවකාශ තාක්ෂණයේ මෙවැනි වේගවත් දියුණුවක් දැකගන්න ලැබීම ඇත්තටම පුදුම සහගතයි.

Discussion & Feedback