ඇමරිකානු හමුදාවේ විශේෂ අවශ්යතා වෙනුවෙන් අභ්යවකාශ තාක්ෂණ සමාගමක් වන ස්පේස්-එක්ස් (SpaceX) ආයතනය විසින් අලුත්ම චන්ද්රිකා 21ක් සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකා අභ්යවකාශයට යැව්වේ ඇමරිකානු හමුදාවේ ‘Tranche 1 Transport Layer’ නම් වූ විශේෂ සන්නිවේදන ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්. මෙම චන්ද්රිකා මගින් ලොව පුරා සිටින හමුදා භටයන්ට ඉතා ආරක්ෂිත සහ වේගවත් සන්නිවේදන පහසුකම් ලබා දීමට නියමිතයි.
මෙම මෙහෙයුම ඉතා සාර්ථකව සිදු වූ අතර, රොකට්ටුවේ පළමු අදියර දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසුව සාගරයේ තිබූ විශේෂ යාත්රාවක් මතට ආරක්ෂිතව ගොඩබෑමට ස්පේස්-එක්ස් ඉංජිනේරුවන් සමත් වුණා. අනාගතයේදී මෙම ජාලය චන්ද්රිකා 126කින් සමන්විත වීමට නියමිත අතර, දැනටමත් ඉන් චන්ද්රිකා 63ක් අභ්යවකාශයට යවා අවසන්. මෙම ව්යාපෘතිය මගින් හමුදා මෙහෙයුම් සඳහා අවශ්ය දත්ත හුවමාරුව සහ සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂම කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර, ස්පේස්-එක්ස් ආයතනය ඔවුන්ගේ දැවැන්තම රොකට්ටුව වන ස්ටාර්ෂිප් (Starship) හි 13 වන පරීක්ෂණ පියාසැරිය සඳහා ද සූදානම් වෙමින් පවතිනවා.

Discussion & Feedback