ඇමරිකානු හමුදාවේ විශේෂ අවශ්යතා වෙනුවෙන් අභ්යවකාශ තාක්ෂණ සමාගමක් වන ස්පේස්-එක්ස් (SpaceX) විසින් අලුත්ම චන්ද්රිකා 21ක් සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් මෙම මෙහෙයුම සිදු කළේ පසුගිය ජූලි 16 වැනිදායි. මෙම චන්ද්රිකා ඇමරිකානු අභ්යවකාශ බලකායේ ‘Tranche 1 Transport Layer’ නම් ව්යාපෘතියේ කොටසක් ලෙස ක්රියාත්මක වන අතර, ලොව පුරා සිටින හමුදා භටයින්ට ආරක්ෂිත සහ වේගවත් සන්නිවේදන පහසුකම් ලබා දීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම ව්යාපෘතිය යටතේ අනාගතයේදී චන්ද්රිකා 126ක් දක්වා ජාලයක් ගොඩනැගීමට නියමිත අතර, දැනටමත් චන්ද්රිකා 63ක් අභ්යවකාශගත කර අවසන්. මෙහෙයුමෙන් පසු ෆැල්කන් 9 රොකට්ටුවේ පළමු අදියර සාර්ථකව පෘථිවියට පැමිණ පැසිෆික් සාගරයේ තිබූ යාත්රාවක් මත ගොඩබෑමට සමත් වුණා. මේ අතර, ස්පේස්-එක්ස් සමාගම ඔවුන්ගේ දැවැන්තම රොකට්ටුව වන ‘ස්ටාර්ෂිප්’ (Starship) හි 13 වැනි අත්හදා බැලීමේ ගුවන් ගමන සඳහා ද සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ. අභ්යවකාශ ක්ෂේත්රයේ සිදුවන මෙවැනි දියුණු තාක්ෂණික වෙනස්කම් ලෝකයේ ආරක්ෂක සහ සන්නිවේදන ක්ෂේත්රවලට විශාල පිටුවහලක් වෙනවා.

Discussion & Feedback