අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, ලොව ප්රථම වරට වාණිජමය වශයෙන් නිපදවූ න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන ‘BOHR’ චන්ද්රිකාව සාර්ථකව අභ්යවකාශගත කර තිබෙනවා. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පිහිටි ‘City Labs’ ආයතනය විසින් නිර්මාණය කළ මෙම චන්ද්රිකාව, SpaceX සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් අභ්යවකාශයට රැගෙන ගියේ පසුගියදායි. මෙම මෙහෙයුම හරහා ඔවුන් අභ්යවකාශයේදී ‘NanoTritium’ නම් විශේෂ තාක්ෂණයක් අත්හදා බලන අතර, එය සූර්ය බලශක්තිය මත පමණක් යැපෙන සාම්ප්රදායික චන්ද්රිකාවලට වඩා වෙනස් අත්දැකීමක් ලබා දෙනු ඇති.
මෙම තාක්ෂණය මගින් ට්රයිටියම් (Tritium) විකිරණශීලී ක්ෂය වීමෙන් ලැබෙන ශක්තිය විදුලිය බවට පරිවර්තනය කරනවා. දැනට මෙම චන්ද්රිකාව ප්රධාන මෙහෙයුම් සඳහා සූර්ය බලය භාවිතා කළත්, අනාගතයේදී සඳෙහි දක්ෂිණ ධ්රැවය වැනි සූර්යාලෝකය අඩු ප්රදේශවල පවා දිගු කාලයක් ක්රියාත්මක විය හැකි යානා නිර්මාණය කිරීමට මෙය මග පාදනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ. විශේෂයෙන්ම නාසා ආයතනයේ සඳ ගවේෂණ ව්යාපෘති සඳහා මෙවැනි න්යෂ්ටික බලශක්ති පද්ධති ඉතා වැදගත් වනවා.
මෙම ව්යාපෘතිය ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්රහය යටතේ සිදු කෙරෙන අතර, එය අභ්යවකාශ ගමන් සඳහා අනුමත වූ ආරක්ෂිත න්යෂ්ටික බලශක්ති පද්ධතියක් ලෙස සැලකෙනවා. City Labs ආයතනය පවසන්නේ මෙය අනාගතයේදී වාණිජ සහ ආරක්ෂක අභ්යවකාශ මෙහෙයුම් සඳහා න්යෂ්ටික බලශක්තිය සාමාන්ය දෙයක් බවට පත් කරනු ඇති බවයි. අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙම කුඩා චන්ද්රිකාව අනාගතයේදී විශාල බලශක්ති අවශ්යතා සපුරාලීමට හැකි මට්ටමකට දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback