අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, ලොව ප්රථම වරට න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන වාණිජ චන්ද්රිකාව අභ්යවකාශයට යවන්න SpaceX ආයතනය සමත් වුණා. ‘BOHR’ ලෙස නම් කර ඇති මෙම කුඩා චන්ද්රිකාව (Cubesat), කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ මධ්යස්ථානයෙන් Falcon 9 රොකට්ටුවක් මගින් අභ්යවකාශගත කළේ පසුගිය ජූලි 7 වැනිදායි. ෆ්ලොරිඩා පදනම් කරගත් City Labs ආයතනය විසින් නිපදවූ මෙම චන්ද්රිකාව, ඔවුන්ගේ නවතම ‘NanoTritium’ තාක්ෂණය අභ්යවකාශයේදී අත්හදා බැලීම සඳහා යොදා ගන්නවා.
මෙම තාක්ෂණය මගින් ට්රිටියම් (Tritium) විකිරණශීලී ක්ෂය වීමෙන් ලැබෙන ශක්තිය සෘජුවම විදුලිය බවට පත් කරනවා. දැනට පවතින සූර්ය බලශක්තිය මත පමණක් යැපෙන චන්ද්රිකාවලට වඩා මෙය වෙනස් වන්නේ, සූර්යාලෝකය නොමැති ස්ථානවලදී පවා අඛණ්ඩව බලශක්තිය ලබා දීමට හැකි වීම නිසයි. විශේෂයෙන්ම සඳුගේ දක්ෂිණ ධ්රැවය වැනි සූර්යාලෝකය අඩු ප්රදේශ ගවේෂණය කිරීමට මෙම තාක්ෂණය අනාගතයේදී විශාල පිටුවහලක් වේවි. මෙය ආරක්ෂිත මෙන්ම සංයුක්ත බලශක්ති පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකි අතර, අනාගතයේදී සඳ මත ඉදිකරන කඳවුරු සඳහා අවශ්ය බලශක්තිය ලබා දීමටත් මෙය පදනමක් කර ගැනීමට City Labs බලාපොරොත්තු වෙනවා.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්රහය යටතේ සිදුකළ මෙම මෙහෙයුම, අභ්යවකාශයේ න්යෂ්ටික බලශක්තිය භාවිතය පිළිබඳව නව දොරටුවක් විවර කර තිබෙනවා. මෙය හුදෙක් පර්යේෂණාත්මක පියවරක් වුවත්, ඉදිරියේදී පුද්ගලික අභ්යවකාශ මෙහෙයුම් සහ ජාතික ආරක්ෂක කටයුතු සඳහා මෙවැනි න්යෂ්ටික බලශක්ති පද්ධති බහුලව භාවිත කිරීමට හැකි වනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ. මේ වන විටත් අභ්යවකාශයේ සාර්ථකව ක්රියාත්මක වන මෙම චන්ද්රිකාව, අනාගත අභ්යවකාශ ගවේෂණවලදී සුවිශේෂී වෙනසක් සිදු කරනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback