එලොන් මස්ක්ගේ SpaceX සමාගම අලුත්ම ආකාරයේ ‘AI’ තාක්ෂණික උපකරණයක් හඳුන්වා දීමට සූදානම් වන බවට මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. වාර්තා වන විදිහට, මේ උපකරණය ස්මාර්ට් ජංගම දුරකථනයකට වඩා සිහින් සහ ආකර්ෂණීය පෙනුමකින් යුක්තයි. SpaceX සමාගම මේ ගැන ආයෝජකයන්ට පවා පෙන්වා ඇති බව පැවසුණත්, එලොන් මස්ක් නම් මේ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, SpaceX සහ ටෙස්ලා සමාගම් සතු නිෂ්පාදන හැකියාවත්, ඔවුන් සතු චිප් තාක්ෂණයත් නිසා මෙවැනි උපකරණයක් වෙළඳපොළට ගෙන ඒම ඔවුන්ට එතරම් අසීරු කටයුත්තක් නොවනු ඇති බවයි තාක්ෂණික විශ්ලේෂකයන් පවසන්නේ.
මෙම උපකරණය මස්ක්ගේම සමාගමක් වන ‘xAI’ තාක්ෂණයෙන් බලගැන්වෙන අතර, එය වෙනත් සමාගම්වල මෙහෙයුම් පද්ධති මත රඳා නොපවතින ස්වාධීන එකක් ලෙස නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවයි කියවෙන්නේ. සැම් ඕල්ට්මන්ගේ OpenAI සමාගමත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන නිර්මාණ ශිල්පියෙකු සමඟ එක්ව මෙවැනිම AI උපකරණයක් නිපදවීමට උත්සාහ කරන පසුබිමක, මස්ක්ගේ මෙම පියවර තරඟකාරී එකක් වනු නොඅනුමානයි. කෙසේ වෙතත්, මීට පෙර වෙළඳපොළට පැමිණි ඇතැම් AI උපකරණ සාර්ථක නොවූ නිසා, පාරිභෝගිකයන් මෙවැනි අලුත් තාක්ෂණික උපකරණ කෙතරම් දුරට වැළඳ ගනීවිද යන්න තවමත් ගැටලුවක්. ඉදිරියේදී මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Discussion & Feedback