ලොව ප්රබලතම රොකට්ටුව වන SpaceX ස්ටාර්ෂිප් හි 13 වැනි අත්හදා බැලීමේ පියාසැරිය සඳහා මේ වන විට සියල්ල සූදානම් වෙමින් පවතිනවා. පසුගියදා ටෙක්සාස් හි පිහිටි ඔවුන්ගේ මධ්‍යස්ථානයේදී ස්ටාර්ෂිප් හි ඉහළ කොටස වන ‘Ship 40’ හි එන්ජින් හයම එකවර ක්‍රියාත්මක කරමින් ‘ස්ටැටික් ෆයර්’ පරීක්ෂණයක් සාර්ථකව සිදු කළා. මෙම පරීක්ෂණය තත්පර 60ක් පුරා පැවති අතර, එයින් රොකට්ටුවේ එන්ජින්වල ක්‍රියාකාරීත්වය පියාසැරියකට සමාන තත්ත්වයකින් පරීක්ෂා කර බැලීමට ඉංජිනේරුවන්ට හැකි වුණා. පසුගිය සතියේ එක් එන්ජිමක් පමණක් පරීක්ෂා කළත්, මෙවර සියලුම එන්ජින් සාර්ථකව ක්‍රියාත්මක වීම ඉදිරි දියත් කිරීම සඳහා ලොකු බලාපොරොත්තුවක් ලබා දෙනවා.
මෙම නවතම ‘Version 3’ ස්ටාර්ෂිප් රොකට්ටුව මීටර් 124.4ක උසකින් යුක්ත වන අතර, එය ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කළ බලවත්ම රොකට්ටුව ලෙස සැලකෙනවා. ඉදිරි මාසයක පමණ කාලය තුළ මෙම 13 වැනි පියාසැරිය සිදු කිරීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශයේදී එන්ජින් නැවත ක්‍රියාත්මක කිරීම සහ රොකට්ටුවේ ආරක්ෂිත ගොඩබෑම තහවුරු කර ගැනීමයි. මෙම අත්හදා බැලීම් සාර්ථක වුවහොත්, අනාගතයේදී නාසා ආයතනයේ සඳ ගමන් ව්‍යාපෘති සහ ස්ටාර්ලින්ක් වැනි සන්නිවේදන ජාල පුළුල් කිරීම සඳහා ස්ටාර්ෂිප් රොකට්ටුව විශාල දායකත්වයක් ලබා දෙනු ඇති. සුපර් හෙවි බූස්ටරයේ එන්ජින් පරීක්ෂණත් අවසන් වූ පසු, අගෝස්තු මාසයේදී අපට මෙම දැවැන්ත රොකට්ටුව අහසට නැඟෙන අයුරු දැකගන්න පුළුවන් වේවි.

Discussion & Feedback