අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන SpaceX සමාගම තවත් සාර්ථක මෙහෙයුමක් දියත් කරන්න සමත් වුණා. පසුගිය සඳුදා උදෑසන ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් ස්ටාර්ලින්ක් චන්ද්රිකා අභ්යවකාශයට යැවීමට සැලසුම් කර තිබුණත්, අවසන් මොහොතේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා එම ගමන අත්හිටුවන්න සිද්ධ වුණා. ඒත් ඒ ගැන වැඩි කලබලයක් නැතුව, පසුදිනම එනම් අඟහරුවාදා උදෑසන කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ මධ්යස්ථානයෙන් එම රොකට්ටුව සාර්ථකව අභ්යවකාශයට පිටත් කර යැවීමට ඔවුන්ට පුළුවන් වුණා.
මේ මෙහෙයුම හරහා ස්ටාර්ලින්ක් චන්ද්රිකා 24ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යොමු කෙරුණා. මේ චන්ද්රිකා මගින් ලෝකයේ අන්තර්ජාල පහසුකම් නොමැති දුෂ්කර ප්රදේශවලටත් අධිවේගී අන්තර්ජාල සේවාව ලබා දීම තමයි ඔවුන්ගේ ප්රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම මේ රොකට්ටුවේ පළමු අදියර නැවතත් සාර්ථකව පෘථිවියට ගොඩබස්වන්නත් SpaceX කණ්ඩායම සමත් වුණා. මේක ඔවුන් මේ වසරේ සිදු කළ 85 වැනි ෆැල්කන් 9 මෙහෙයුම වීමත් විශේෂත්වයක්.
මේ දිනවල SpaceX සමාගම ඔවුන්ගේ තවත් දැවැන්ත ව්යාපෘතියක් වන ස්ටාර්ෂිප් රොකට්ටුවේ පරීක්ෂණ ගුවන් ගමනක් සඳහාත් සූදානම් වෙනවා. අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ මෙවැනි දියුණු තාක්ෂණික පියවරයන් නිසා අනාගතයේදී අපිට අභ්යවකාශය ගැන තවත් බොහෝ දේවල් දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback